පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව කථානායකවරයාට

පාර් ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පාර් ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග දීර් ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
විපක්ෂය කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම පසුගිය 27 වැනිදා කර තිබේ.

කථානායකවරයා මේ දිනවල බ්රිතාන්යයේ සංචාරයක නිරතව සිටින අතර මෙම ඉල්ලීම කථානායක කාර් යාලය මගින් මහජන ආරක්ෂක අමාත්යංශයට යොමුකරනු ලැබ ඇත.

මහජන ආරක්ෂක අමාත්යංශය එම සාකච්ඡාවට දිනයක් දෙනු ඇතැයි මන්ත්රීවරයා පැවසීය.

ඇම්.ඩී. ධර් මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website