හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනුකර තිබු නඩුකරය නැවත විභාග කිරීම සඳහා නව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක්කර ඇතැ’යි නීතිපතිවරයා ඊයේ (19) කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්රකාශකර සිටියේ, මෙම නඩුව විභාග කිරීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා හමුවේ ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත්කර ඇති බවයි.
සංජනා මන්දාරි







