2025 අවුරුද්දෙ ගත වූ මාස 6තුළ මාරක රිය අනතුරු නිසා පුද්ගලයන් 2,000ක් පමණ මිය ගොස් ඇතැයී රථවාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කරයි.
මෙය ඉතාමත් අවාසනාවන්ත ව්‍යාසනකාරි තත්ත්වයක් බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා අවිනීත රියදුරන් සහ මාර්ගයට සුදුසු නොවන වාහන හේතුවෙන් මෙවන් අනතුරු සිදුවන බව වැඩිදුරටත් පවසා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එලෙසම වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ද ජූලි මස 01 වැනිදා අනිවාර්යයෙන් ඉවත්කර දමන බව ද ඔහු මෙහිදී දන්වා සිටියේය.
දමයන්ති
- Loading stock data...







