මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන

වැලිගම ප්රාදේශීය සභාවට අයත් මාලිමාවේ මන්ත්රීවරු දෙදෙනකු පැහැරගෙන යාමේ සිද්ධියක් නිසා මේ වන විට වැලිගම උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
එහි සභාපතිවරයා පත්කර ගැනීමේ චන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව තිබුණු අතර ඒ සඳහා පැමිණෙමින් සිටින අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්රීවරු දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බව සඳහන් වේ.
නොසිතූ කලබලකාරී තත්ත්වය නිසා සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website