ජනතාව ගොනාට අන්දවා රජය බස් ගාස්තු අඩු කරයි

පසුගියදා රජය විසින් බස් ගාස්තු රුපියල් 2යි ශත 50කින් අඩුකර ඇත. නමුත් අවම ගාස්තුවෙහි වෙනසක් නැත. ජනවාරියේ සිට අවම ගාස්තුව රුපියල් 28ක් වුණත්, රුපියල් දෙකේ ඉතුරු මුදල ලැබුණේම නැත. සමහර බස් කොන්දොස්තරවරු අසාධාරණ ලෙස රුපියල් 5 ද මඟීන්ගෙන් කොල්ල කා ගනිති.
බස් කොන්දොස්තරවරුන් මෙන්ම රජය ද මෙලෙස මඟීන්ව සූරා කන ක්රමවේදය අතහැර නැත.ජනතාව මත තව තවත් බර පැටවීම වත්මන් රජය වෙතින් ද සිදුවෙමින් පවතී. මාර්ගස්ථ මඟී ප්රවාහන අධිකාරියේ දුරකථන අංක දෙකක් සෑම බස් රථයකම ප්රදර්ශනය වුවද, ඒ එකකවත් ප්රතිචාරයක් නැත.’ජනතාව වෙනුවෙන්ම බිහිවුණු ජනතා රජය ජනතාවටම බර පටවන බවට’ රටේ ජනතාව දැන් දැන් මැසිවිලි නගයි.

නන්ද කුමාර හින්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website