නාමල් ආණ්ඩුවට දෙහි කපයි

මේ දවස්වල සමාජ මාධ්යවල සැරිසරන අසත්ය ප්රචාරයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත.
එහි සඳහන්ව ඇත්තේ, ‘ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ ‘ යනුවෙන් මහින්ද රාජපක්ෂ මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලා සිටිතැ ‘යි …යනුවෙන් ප්රචාරය වන පුවත අමූලික බොරුවක් කියලා ය.
තව දුරටත් කරුණු පහදමින්, බලයට පත් වී ගෙවී යමින් තිබෙන පළමු වසර තුළ ජනතාවට දුන් බොරු පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇති ආණ්ඩුව දැන් දැන් තම බංකොලොත්භාවය වසා ගැනීමට නොහැකි බැවින් අන් අයට මඩ ගැසීමේ කලාවක නියැළෙන බවත් සටහන් කොට ඇති නාමල් රාජපක්ෂ, ජාතික ජන බලවේග ආණ්ඩුව…අමූලික බොරු පතුරුවා හරිනවා පමණක් නොව මෙවැනි මඩ ප්රචාරයන් මඟින් ගරුතර ආගමික නායකයින්ට ද අපහාස කිරීමේ නින්දිත උත්සාහයක නියැළීම ද ඉතාම කනගාටුදායක කරුණක් බව ද පවසා ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website