නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත ශ්රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (02)ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් අතරයි
යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දීමේ ප්රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ තිබුණේ යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙනි.
ඒ අනුව, නෙදර්ලන්තය කෞතුක භාණ්ඩ ප්රතිෂ්ඨාපනය කිරීමේ කාර්යයෙහි මුලපිරීමක් ලෙස පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එහිදී, එරට පවතින යටත්විජිත කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමට ශ්රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණ ඇති අතර මූලාරම්භයක් ලෙස ශ්රී ලංකාවේ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ප්රධානත්වයෙන් දෙරටෙහි පර්යේෂකයින් විසින් නෙදර්ලන්තයේ ඇති පුස්කොළ අත්පිටපත් එකතුව පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට අපේක්ෂා කරයි.
කාංචනා
- Loading stock data...








E-Paper