ප්‍රතිපත්ති සම්පාදකයන් හෝ විධාකයේ වැඩි අවදානයට ලක් නොවු කෘෂිකර්ම පර්යේෂණ ආයතන කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
අප රටේ කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය වර්තමානය වන විට අඩුවෙමින් පවතියි. එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමු විය යුතුය. එහි දී කෘෂිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය ඉහළ වැදගත්කමින් යුක්තය. එහි දී කෘෂිකාර්මික ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය, හෝමාගම ශාක වෛරස් දර්ශක මධ්‍යස්ථානය, ගන්නෝරුව ශාක ජාන මධ්‍යස්ථානය වැනි ආයතන දක්වන දායකත්වය සුවිශේෂ බව පසුගිය දා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වූ අවස්ථාවේ දී අනාවරණය වූ බව විපක්ෂ නායකයා පැවසුවේය.
එබැවින් මෙම ආයතන කෙරෙහි වැඩි රජයේ අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම ආයතනවල ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද (25) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කළේය.
ප්‍රතිපත්ති සම්පාදකයන් හෝ විධාකයේ වැඩි අවදානයට ලක් නොවු මෙම ආයතන කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙසත් මෙම ආයතනවලින් විශාල පර්යේෂණ රැසක් සිදුවන නිසා එම ආයතනවලට අදාළ අරමුදල් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.












