වෙළෙඳපොළ හිඟතාවන් භාවිත කරමින් අසාධාරණ ලෙස මිල ඉහළ දැමුවහොත් පාලන මිලක් ගේනවා – වෙළෙඳ ඇමතිගෙන් රතු එළියක්

වියළි මිරිස් සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව වැනි විශේෂ තත්ත්වයන් යටතේ ඇතිවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟතාවන් ප්‍රයෝජනයට ගනිමින් පාරිභෝගිකයා අසාධාරණ ලෙස සූරා කෑමට යම් පාර්ශ්වයක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

ඉල්ලුම සහ සැපයුම මත මිල තීරණය වීමට ඉඩ හැරීම වඩාත් යහපත් වෙළඳපොළ තත්ත්වයක් බව කී අමාත්‍යවරයා භාණ්ඩ හිඟය භාවිත කර අසාධාරණ ලෙස මිල වැඩි කළහොත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා වහාම පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවට අනතුරු ඇඟවීය.

වැනි පියවරකට යොමු වීමට ඉඩ නොතබා, සාධාරණ ලාභයක් පමණක් තබා ගනිමින් මිල තීරණය කරන ලෙස සියලුම ආනයනකරුවන්ගෙන් සහ වෙළෙන්දන්ගෙන් ඉල්ලීමක් කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website