ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI) අද (24) දින ප.ව. 4:00 සිට හෙට (25) ප.ව. 4:00 දක්වා වලංගු වන පරිදි නායයෑම පිළිබඳ (මට්ටම 02- අවධානයෙන් සිටින්න – ඇම්බර් අනතුරු ඇඟවීම) නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය වලංගු වන්නේ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රා.ලේ කොට්ඨාශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, රඹුක්කන යන ප්‍රා.ලේ. කොට්ඨාශවලටය.
මට්ටම 1 (විමසිලිමත් වන්න – කහ අනතුරු ඇඟවීම) නායයෑම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලංගු වන්නේ මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර ප්‍රා.ලේ. කොට්ඨාශය සහ කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක, රුවන්වැල්ල යන ප්‍රා.ලේ කොට්ඨාශවලටය.
නායයෑම්, පස් කඳු කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳ මුල් ලක්ෂණ කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ ප්‍රා.ලේ. කොට්ඨාශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.












