
ඉන්දියානු සාගරයේ මුරුසිය ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත.
අද (24) පස්වරු 5.10 ට නිකුත් කරන ලද භූමිකම්පා ප්‍රකාශනයට අනුව, භූමිකම්පාව ආසන්න වශයෙන් පස්වරු 4.36 ට පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදු විය. භූමිකම්පාව ඛණ්ඩාංක 17.78°S අක්ෂාංශ සහ 65.82°E දේශාංශවල වාර්තා විය.
මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව) නිල වශයෙන් දැනුම් දී ඇත.
මහජනතාව මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු අතර, වෙරළබඩ ප්‍රදේශවල සාමාන්‍ය කටයුතු සිදු කළ හැකි බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.













