2006 වසරේ නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිෂම ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධ නඩුකරය අද (23) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.
අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම ගොනු කර තිබූ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට කියවා දීම ද සිදුකෙරිණි.
ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
















