නීති විරෝධී සිගරට් ගැන ලංකා දුම්කොළ සමාගමෙන් විශේෂ වාර්තාවක්: අහිමි වූ බදු ආදායම සහ මිලදී ගැනීමට හේතුත් කියයි

නීති විරෝධී සිගරට් /Illicit cigarettes නිසා 2025 දී රජයට රුපියල් බිලියන 29.5ක් අහිමි වූ ලංකා දුම්කොළ සමාගම පවසයි.

ලංකා දුම්කොළ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද  ‘The Economic Impact of the Cigarette Industry in Sri Lanka /ශ්‍රී ලංකාවේ සිගරට් කර්මාන්තයේ ආර්ථික බලපෑම‘ නම් වාර්තාවේ ඇස්තමේන්තු කර ඇති පරිදි, විකුණුම් බදු වලින් රුපියල් බිලියන 24.6 ක අලාභයක් සිදු වූ අතර, එයට සුරාබදු බද්ද රුපියල් බිලියන 18.6ක්, අගය එකතු කළ බද්ද රුපියල් බිලියන 5.4ක් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් මිලියන 600ක් සහ ආයතනික සහ කම්කරු ආදායම් බදු රුපියල් බිලියන 4.9 ක් ඇතුළත් වේ. නීති විරෝධී නිෂ්පාදන නොතිබුණේ නම්, දුම් පානය කරන්නන් තීරුබදු ගෙවන සිගරට් මිලියන 303ක් වැඩිපුර මිලදී ගනු ඇති බව වාර්තාවේ සඳහන් වේ.

2025 දී රට තුළට හොර රහසේ ගෙන එන ලද නීති විරෝධී සිගරට් (FMC), ඇස්තමේන්තුගත ඒකක මිලියන 470ක් හෝ නීති විරෝධී සිගරැට් පරිභෝජනයෙන් 20%ක් වූ අතර, එය 2024 දී 32%ක් විය. එය මුලින්ම සැලකිය යුතු ගැටලුවක් ලෙස මතු වූ විට නීති විරෝධී කොටස 2018 දී 15% ක් විය. නීති විරෝධී සිගරට් මිලෙහි තියුණු වැඩිවීමක් සහ රජයේ බලාත්මක කිරීම් හේතුවෙන් ඒවා ගබඩා කිරීමට අකමැති සිල්ලර වෙළෙන්දන් සංඛ්‍යාව වැඩිවීම මෙන්ම 2023 දී 44%ක් සහ 2024 දී 14% ක් ඉහළ යාමෙන් පසු 2025 දී වඩාත් මධ්‍යස්ථ 5.9%ක සුරාබදු වැඩිවීමක් හේතුවෙන් මෙම පහත වැටීම සිදු වූ බව වාර්තාවේ දැක්වේ.

වයස අවුරුදු 22-64 අතර පිරිමි දුම් පානය කරන්නන් 11,500 ක් පමණ යොදා ගනිමින් කරන ලද PepperCube සමීක්ෂණයෙන් හෙළි වූයේ 11.5%ක් නීති විරෝධී සිගරට් පරිභෝජනය කරන බවත්, දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාප්තිය 20% ඉක්මවන බවත්ය. විශේෂයෙන් මඩකලපුව, පුත්තලම සහ රත්නපුර යන ප්‍රදේශවල එය ඉහළ මට්ටමක පවතින බවතින බව වාර්තාව කියයි. නීති විරෝධී දුම් පානය කරන්නන්ගෙන් අඩක් පමණ දැරිය හැකි මිල තම තීරණයට හේතු ලෙස දක්වා ඇත. 2016-2025 කාලය තුළ පාරිභෝගික මිල ගණන් 140% කින් ඉහළ ගිය අතර, ඉහළ උද්ධමන සුරාබදු වැඩිවීම හේතුවෙන් පළමු පෙළ සිගරට් මිල ගණන් 350% කින් සහ 4 වන පෙළ සිගරට් මිල ගණන් 250% කින් පමණ ඉහළ ගියේය. එම කාලය තුළ නීත්‍යානුකූල සිගරට් පරිභෝජනය බිලියන 3.9 සිට බිලියන 1.9 දක්වා අඩකින් අඩු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website