අපි පරාජය ගැන දැන සිටි නමුත් ඒක මේ තරම් බිහිසුණු වෙයි කියලා හිතුවේ නෑ – ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්

ෆ්ලොරිඩා හි රිපබ්ලිකන් ආණ්ඩුකාඒ රොන් ඩිසැන්ටිස් පවසන්නේ මධ්‍යකාලීන මැතිවරණවලින් ලද පරාජයන්ගෙන් පසු රිපබ්ලිකන් පක්ෂය “වඳවීමේ මට්ටමේ සිදුවීමකට ආසන්න” පීඩා විඳි බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්, ඉවත්ව යන රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා පවසන්නේ ප්‍රතිඵල “දැවැන්ත” බලපෑමක් ඇති කරනු ඇති බවත් එය “සමහර විට මධ්‍ය කාලීන මැතිවරණයක් සඳහා දේශපාලනික වශයෙන් නරකම අවස්ථාව” බවත්ය.

තම පක්ෂයට ආසන දෙකක් හෝ තුනක් අහිමි වුව ද, එක්සත් ජනපද සෙනෙට් සභාව තබා ගැනීම “ජයග්‍රහණයක්” බව ඔහු පවසයි.

“අපි දැනගෙන හිටියා ඒක තවත් නරක වෙන්න පුළුවන් කියලා, නමුත් අපි බොහෝ දෙනෙක් හිතුවේ නැහැ ඒක මේ තරම් නරක වෙයි කියලා,” ඔහු පවසයි.

මෙම මැතිවරණය හේතුවෙන් පක්ෂය “ජාතික වශයෙන් ගැඹුරු වළක” සිටින බව ඩිසැන්ටිස් පවසයි, නමුත් “මෙය වොෂින්ටනයේ රිපබ්ලිකන් පක්ෂය ප්‍රතික්ෂේප කිරීමක්” මිස ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි “ධනාත්මක දෘෂ්ටියක්” ගන්නා ඡන්දදායකයින් නොවන බව ද ඔහු අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website