ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය 2026 ඔක්තෝබර් මස 31 වන දින රාත්‍රී 11.30 වන විට එම මුහුදු ප්‍රදේශයේම උතුරු අක්ෂාංශ 10.9° සහ නැගෙනහිර දේශාංශ 87.5° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි. මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 01 වන දින පෙරවරු 11.30 පමණ වන විට නිරිතදිග සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.
තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, එදින රාත්‍රී 11.30 පමණ වන විට නිරිතදිග සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ද, නොවැම්බර් මස 02 වන දින වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ද ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.
උතුරු අක්ෂාංශ 10 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර (70-80) දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක. එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.එමනිසා එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: කන්කසන්තුරය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මදවශයෙන් රළු අවස්ථාවේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.













