නවතම නැවත සහතික කිරීමෙන් පසු අස්වැසුම ප්රතිලාභී කාණ්ඩ හතරෙන්ම පුද්ගලයින් 954,885 දෙනෙකු ඉවත් කර ඇති බව සුභසාධන ප්රතිලාභ මණ්ඩල සභාපති නිමල් කොටවලගෙදර මහතා පැවසුවේය.
අවදානමට ලක්විය හැකි සහ සංක්රාන්ති කාණ්ඩ යටතේ කලින් වර්ගීකරණය කරන ලද අයට ගෙවීම් පෙර ගැසට් නිවේදනවලට අනුකූලව දැනටමත් අවසන් වී ඇති බව ද සඳහන් කරයි.
වත්මන් ගෙවීම් විධිවිධාන මගින් දුප්පත් සහ දැඩි දුප්පත් කාණ්ඩ පමණක් ආවරණය වන බවත්, අවදානමට ලක්විය හැකි සහ සංක්රාන්ති කාණ්ඩ යටතේ සිටින පුද්ගලයින් පිළිවෙලින් 248,251 ක් සහ 188,694 ක් අනාගතයේදී බලගැන්වීම සහ සමෘද්ධි ආශ්රිත වැඩසටහන් ඇතුළු විකල්ප ආධාර සඳහා යොමු කළ හැකි බවත් ඔහු පැවසුවේය.
”ගැසට් පත්රයට අනුව, සංක්රාන්ති කාණ්ඩයට ගෙවීම් පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වූ නමුත් අවසාන දිනය අප්රේල් දක්වා දීර්ඝ කරන ලදී. අවදානමට ලක්විය හැකි කාණ්ඩයට ගෙවීම් ද පසුගිය ජුනි මාසයේදී අවසන් විය. ඉදිරියට යමින්, අපි දුප්පත් සහ දැඩි දුප්පත් ලෙස වර්ගීකරණය කරන ලද අයට ගෙවීම් කරනවා” ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
ප්රාදේශීය ලේකම් කාර්යාලවලින් ආසන්න වශයෙන් 95% ක් පමණ තම තක්සේරු ඉදිරිපත් කර ඇති බවත්, එහි ප්රතිඵලයක් ලෙස පුද්ගලයින් 991,800 කින් සමන්විත මූලික ලැයිස්තුවක් ප්රකාශයට පත් කිරීමට හැකි වූ බවත් සභාපතිවරයා පැවසීය. ඉතිරි තක්සේරු කිරීම් අවසන් වූ පසු, ආසන්න වශයෙන් පුද්ගලයින් 700,000 ක් ආවරණය වන පරිදි තවත් ලැයිස්තුවක් අපේක්ෂා කරන අතර, නොවැම්බර් මාසයේදී ගෙවීම් සහ හිඟ මුදල් ගෙවීමට අපේක්ෂා කරන බව ද සභපතිවරයා පැවසුවේය.
සංශෝධිත ගෙවීම් විධිවිධාන යටතේ, දැඩි දුප්පතුන් ලෙස වර්ගීකරණය කරන ලද පුද්ගලයින්ට රුපියල් 17,500 ක් ලැබෙන අතර, දුප්පතුන් කාණ්ඩයේ අයට රුපියල් 12,000 ක් ලැබේ.












