ඊයේ (28) සවස වාහල්කඩ පොලිස් වසමේ කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේ ගල්ලිඳවැව ප්රදේශයේදී පදවිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉස්සර කිරීමට උත්සහ කළ යතුරුපැදියේ පැදිකරු මියගොස් ඇති අතර අනෙක් පැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇත.
මරණකරු අවුරුදු 54 ක් වූ බෝගහවැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වාහල්කඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර ඊයේ (28) උදෑසන මොණරාගල පොලිස් වසමේ මොණරාගල වැදිකුඹුර මාර්ගයේ 04 කණුව ආසන්නයේදී තෙනගල්ලන්ද දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්රීරෝද රථයේ රියැදුරු, එහි පිටුපස ගමන් කල පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් හා අවුරුදු 11ක් වන පිරිමි ළමයෙකු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිටුපස ගමන් කල පිරිමි පුද්ගලයා මියගොස් ඇත.
මරණකරු අවුරුදු 70 ක් වූ මොණරාගල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොණරාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












