කාලගුණ විද්යා ෙදපාර්තෙම්න්තුව විසින් අද 29 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
ඉන්දියාවේ උතුරු වෙරළබඩ ආන්ද්ර ප්රදේශය අශ්රිතව පැවති “ඔර්නබ්” (Arnab) සුළි කුණාටුව, මේ වන විට, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇත. මෙම පද්ධතිය තවදුරටත් ආසන්න වශයෙන් උතුරු දෙසට ගමන් කරමින්, අද (29) දින උදෑසන වන විට පීඩන අවපාතයක් දක්වාත්, අද ප.ව. 5.30 වන විට අඩු පීඩන කලාපයක් දක්වාත් දුර්වල වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතී. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයට මෙම පද්ධතියේ බලපෑම අද දිනය තුලදී ක්රමයෙන් අඩු වනු ඇත.
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශවල බහුදින ධීවර බෝට්ටු සහ නාවික ක්රියාකාරකම් වැළැක්වීම සඳහා නිකුත් කරන ලද අනතුරු ඇඟවීම ඉවත් කරනු ලැබේ.
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.












