ශ්රී ලාංකේය බෞද්ධ සාහිත්යය, කලාව සහ සංස්කෘතික උරුමය අගයමින් බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ බෞද්ධාලෝක සාහිත්ය උලෙළ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවති මෙම සුවිශේෂ ආගමික සංස්කෘතික උත්සවයට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරු මෙන් ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගී වූහ.
‘පුස්කොළ සාහිත වරුණ’ තේමාව යටතේ පැවැති මෙවර උලෙළේ දී බෞද්ධ සාහිත්යය, කලාව, පුරාවිද්යාව සහ ශාසනික සේවාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ විද්වතුන් ඇගයීමට ලක් වූ අතර, විශිෂ්ට සාහිත්ය හා ශ්රව්ය දෘශ්ය නිර්මාණ සඳහා සම්මාන පිරිනැමීම ද ශාස්ත්රීය ග්රන්ථ එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරිණි













