‘සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීම’ වෙනුවෙන් සකස් කරන ලද විශේෂ යෝජනාවලිය සංස්කෘතික කටයුතු ඇමතිට පිළිගන්වයි

දේශීය සිනමා ක්ෂේත්‍රයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ අනාගතය සහ සිනමාවේ අභිවෘද්ධිය උදෙසා “සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීම” වෙනුවෙන් සකස් කරන ලද විශේෂ යෝජනාවලිය ඊයේ (26 ) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සංගම් සහ ප්‍රවීණයන් රැසක් සම්බන්ද වූහ.

සිනමා අනුමණ්ඩලයේ සභාපති, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ, ශ්‍රී ලංකා කලා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති බිමල් දුෂ්මන්ත, ශ්‍රී ලංකා වෘත්තීය අංගරචනා ශිල්පීන්ගේ සංගමයේ සභාපති නයන් උජිත්, සහය අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමයේ ලේකම් චලින් මනුරංග, විදේශ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය නියෝජනය කරමින් (චිත්‍රපට නිෂ්පාදක), යසස් රත්නායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් යන මහත්වරු එක්ව සිටියහ.

සිනමාවේ සංස්කෘතික, අධ්‍යාපනික, නියාමන සහ සංරක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාතික චිත්‍රපට සංස්ථාව යටතටත්, එහි “ව්‍යාපාරික හා නිෂ්පාදන කර්මාන්ත” කොටස කර්මාන්ත අමාත්‍යාංශය යටතටත් වෙන් කරමින් නීතිමය රාමුව සකස් කිරීමට සියලුම වෘත්තීය සංගම් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යතුමාගේ මහත් ඇගයීමට ලක්වූ අතර, ඒ සඳහා ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වන ලදී.

ඒ අනුව ඉතා ඉක්මනින් කර්මාන්ත අමාත්‍යාංශය සහ සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධ වී මෙම යෝජනාවලිය අනුව ඉදිරි පියවර ගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.

සිනමා කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වෘත්තීය සංගම් ඉටුකරන මෙම අප්‍රතිහත සේවය සහ කැපවීම අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට හා ප්‍රශංසාවට ලක් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website