කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් ඔක්තෝම්බර් මස 23 වන දින පෙ.ව. 5.30 දක්වා වලංගු වන පරිදි අද (22) දින පෙ.ව. 5.30 ට නිකුත් කරන ලද තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (22) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව, මධ්යම, වයඹ, උතුර සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 කට වඩා වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.









