ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ මෙහෙයවීම හා සංවිධානයෙන් අබාධ සහිත දරුවන් සදහා සෑම පරිපාලන දිස්ත්‍රික්කයටම එක් කුසලතා සංවර්ධන “සුරක්ෂා” දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැඩපිළෙළ යටතේ දිවයිනේ ඉදිවූ දෙවන මධ්‍යස්ථානය ඊයේ (29)කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝලංගමුවේදී ජනතා අයිතියට පත් කෙරිණි.
ආබාධ සහිත දරු දැරියන් සමාජ අන්තර්කරණය කර සවිබල ගැන්වීම, දෙමාපියන්ට සවියක් වීම අරමුණින් “නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සම ප්‍රවේශයක් ” රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින් ඇරඹි මෙම කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානයට පලමු අදියර යටතෙර් මිලියන 17 ඉක්මවූ ප්‍රතිපාදන වෙන් වූ අතර අද දින පලමු දරුවන් 23 දෙනා ලියාපංචි කිරීම සිදුවිය. ව්‍යාපෘතියේ දෙවන අදියර අවසන් වූ විට මෙම මධ්‍යස්ථානය මගින් අබාධිත දරුවන් 100 දෙනෙකු සදහා පහසුකම් සැපයීමට කටයුතු කෙරේ.
අබාධ සහිත දරුවෙකු රැක බලා ගැනීම යනු ඔවුනගේ දෙමාපියන් පූර්ණ කාලීනව ඔවුන් කෙරේම අවධානය ලබා දෙමින් සිදු කලයුතු වගකීමකි. මෙම සුරක්ෂා දිවා සුරැකුම් මධ්‍යස්ථාන මගින් පූර්ණ විශ්වාසය සහිතව රජයේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ විධිමත් ක්‍රමවේද හා පුහුණුවලත් කාර්‍ය මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන හෙයින් අබාධ සහිත දරුවන් සිටින පවුල්වල දෙමාපියන්ට එම දරුවන් මෙම ස්ථානයට යොමු කිරීමේ පහසුව ඔස්සේ එම දෙමාපියන්ටද ද රටේ ආර්ථිකය සවිබල ගැන්වීමට දායක වීමට හැකියාව ලැබේ.
මෙම අවස්ථාව අබාධ සහිත දරුවන්ගේ විචිත්‍රවත් අංග රැසකින්ද සමන්විත වූ අතර මෙම මධ්‍යස්ථානය සදහා ෛදනික පදනම මත බදවා ගත් කාර්‍ය මණඩලය සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමක්ද සිදු විය.
දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සමාජ සේවා නිලධාර්‍රින් හා සංවර්ධන නිලධාරීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.















