පාලනය කර ගත නොහැකි වූ කාර් රථය පාරෙන් ඉවතට පැන පෙරළී යයි – 29 හැවිරිදි රියැදුරා මරුට

මොරවැව පොලිස් වසමේ ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ නොච්චිකුලම ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ආරක්ෂක වැටේ ගැටී පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරෙන් තුවාල ලැබූ කාර් රථ රියැදුරු මහදිවුල්වැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු අවුරුදු 29 ක් වූ නිලාවේලි ප්‍රදේශයේ පදිංචකරුවෙකි.

මොරවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

2026.09.29 වන දින අළුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website