ජනාධිපති අරමුදල මගින් මධ්‍යම පළාතේ ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ, මධ්‍යම පළාත් වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවිකරුවන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ.

මධ්‍යම පළාතේ ලොතරැයි අලෙවිකරුවරුන්ගේ දරුවන් වෙනුවෙන් අද දින ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.

මේ අතර මහයියාව පූර්ණවත්ත (බටහිර) ග්‍රාම නිලධාරී වසමේ සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 106කි.

මෙම උත්සව සභාව ඇමතූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ මෙම අවස්ථාව ජාතිය ගොඩනැගීමේ අරගලයට ලොතරුයිපත් අලෙවිකරුවන් ලබා දෙන පූර්ණ දායකත්වයට ප්‍රණාමය පුද කිරීමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website