චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයෙන් සැප්තැම්බර් 23 සිට 25 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය අද (21) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
“මෙම සංචාරය අතරතුර ජනපති ෂී චීන-ඇමරිකානු සබඳතා මෙන්ම ලෝක සාමය සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සමඟ ගැඹුරු අදහස් හුවමාරු කර ගනු ඇත. මාස හයක කාලයක් තුළ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ අන්‍යෝන්‍ය සංචාර ඓතිහාසික, සන්ධිස්ථානීය වැදගත්කමක් ඇති බව විදේශ චීන අමාත්‍යාංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් මහතා පැවසීය.
“සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම, වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය කිරීම, දෙරටේ ජනතාවගේ යහපැවැත්ම අඛණ්ඩව වැඩි දියුණු කිරීම සහ ලෝක සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ඇමරිකා එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී,” ගුඕ මහතා තවදුරටත් පැවසීය.
මූලාශ්රය: රොයිටර්
















