දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහාම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
තම වෘත්තීය සමිති ඉල්ලා සිටි ආකාරයට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට බලධාරීන් අපොහොසත් වුවහොත් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.













