සැප්තැම්බර් මස 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණයට හේතු පැහැදිලි කරමින් වෘත්තීය සමිති නායකයෙකු පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්තනෝමතික පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයකට පත්ව ඇති බවයි. දුම්රිය සේවයේ නිමක් නැති අර්බුදය හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් අපහසුතාවට පත්වන බව ද ඔහු පැවසුවේය.
“වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන සහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය කිරීමට මේ වන විට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. අපි මෙම පියවරවලට එරෙහිව දැඩි පියවර ගන්නවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.













