ආයුර්වේද පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය – අදහස් ලබා ගැනීම ඇරඹෙයි

1961 අංක 31 දරන ආයුර්වේද පනතට සංශෝධන ගෙන ඒම පිළිබඳව රජය සලකා බලමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

ආයුර්වේද පනත අවස්ථා කිහිපයකදී සංශෝධනය කර ඇති අතර මෑත කාලීන සංශෝධනය 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත නමින් සම්මත විය.

ආයුර්වේදය පාලනය කරන නීති රාමුව නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් යෝජිත සංශෝධන ඉදිරිපත් කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද පනත වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල විවිධ පාර්ශවයන්ගේ අදහස් ද ලබා ගන්නා බව ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website