වසර 8කට පසු ‘ශිල්ප අභිමානී 2026’ ජාතික සම්මාන උළෙල අභිමානවත්ව සැමරෙයි

වසර අටකට පසුව සංවිධාන කරන ලද “ශිල්ප අභිමානී 2026” ජාතික ශිල්ප සම්මාන උළෙල සහ වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය දා (14) උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කෙරුණි. ජාතික ශිල්ප සභාව සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම උත්සවයේ දී දිවයින පුරා විසිරී සිටින විශිෂ්ටතම දේශීය හස්තකර්මාන්ත ශිල්පීන් සහ නිර්මාණකරුවන් රැසක් ජනාධිපති සම්මානයෙන් හා ජාතික ඇගයීමෙන් පිදුම් ලැබූහ.

දේශීය කලාකරුවන්ගේ සහ නිර්මාණකරුවන්ගේ අභිමානය නැවත සමාජගත කිරීමටත්, ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට නියම වටිනාකම ලබා දීමටත් රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරනු ලබයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ‘Expo’ ප්‍රදර්ශනය හරහා ලොව පුරා සිටින ආයෝජකයන්, මිලදී ගන්නන් සහ ප්‍රදර්ශකයන් හමුවට අපගේ දේශීය හස්තකර්මාන්ත ශිල්පීන්ගේ උසස් නිර්මාණ රැගෙන යාමට දැනටමත් සැලසුම් කර ඇත.

දේශීය නිර්මාණකරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් කෙරෙන අද්විතීය නිර්මාණ වෙනත් පාර්ශ්වයන් විසින් නීති විරෝධී ලෙස පිටපත් කිරීම වැළැක්වීම සඳහා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. (උදාහරණයක් ලෙස, මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ ඇඳුම්, සේසත් සහ ඒ ආශ්‍රිත නිර්මාණවල අයිතිය හා උරුමය සුරක්ෂිත කිරීමේ පියවරද මේ යටතේ සිදුකර ඇත.) ඒ අනුව මෙම කලා ශිල්පීන්ගේ නිර්මාණ සදහා ද ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා ලියාපදිංචි වී ප්රකාශන හිමිකම් ලබාගැනීමට අවස්ථාව පවතී.

දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණගන්වමින්, අනාගත ඩිජිටල් යුගයට ගැලපෙන ලෙස දේශීය උරුමයන් සහ නිර්මාණශීලීත්වය ඉදිරියට ගෙන යාමට ශිල්ප අභිමානී වැඩසටහන මගින් විශාල පිටිවහලක් ලැබේ.

මෙම අවස්ථාවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, බුද්ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමිය, ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දිවයින පුරා සිටින හස්ත කර්මාන්ත කලාකරුවන් රැසක් සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website