සංඥා භාෂා පනත් කෙටුම්පත අද හෙටම පාර්ලිමේන්තුවට

සංඥා භාෂා පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා කීවේය.

ජිනීවාහි පැවැත්වෙන ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සැසිවාරයට ශ්‍රී ලංකාව සහභාගී වීමට පෙර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ පවතින නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ජිනීවා සමුළුවට පැවසුවේය.

අද (14) සහ හෙට මෙම සමුළුව පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website