පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීමක් හේතුවෙන් එම මාර්ගයේ ගනේතැන්න හා කඩුගන්නාව අතර කොටස තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.
මෙම මාර්ගය වසා දැමීම හේතුවෙන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි.
විකල්ප මාර්ග –
- කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා වාහන රඹුක්කන හතරලියද්ද හරහා මහනුවර දක්වා ගමන් කල හැකිය.
- මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන පිළිමතලාව පොත්තපිටිය හරහා තිස්මඩල දක්වා හා කටුගස්තොට හරහා කුරුණෑගල දක්වා ගමන් කල හැකිය.














