කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 02 වන දින පෙ. ව 06.00 දක්වා වලංගු වන පරිදි අද (01) වන දින පෙ. ව 06.00 නිකුත් කරන ලද තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහ සුළං තත්ත්වය අද (01) දිනයේත් තව දුරටත් පවතී.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.













