Facebook, Instagram, TikTok, WhatsApp, Marketplace, වෙබ් අඩවි හෝ Cash on Delivery (COD) ක්‍රමය මඟින් හෙල්මට් අලෙවි කළත්, නීතියෙන් නිදහස් වීමක් සිදු නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් ප්‍රචාරණය කිරීම, විකිණීමට ඉදිරිපත් කිරීම, බෙදාහැරීම හෝ අලෙවි කිරීම නීතියට පටහැනි බවයි.
Online seller කෙනෙකු ලෙස ඔබ අනිවාර්යයෙන් කළ යුතු දේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පහත දැනුවත් කිරීම කර ඇත.
- පළ කරන සෑම හෙල්මට් දැන්වීමකටම පෙර එහි SLS ලාංඡනය තිබේදැයි පරීක්ෂා කරන්න.
- නිෂ්පාදකයා, ආනයනකරු සහ සැපයුම්කරුගේ විස්තර තහවුරු කරගන්න.
- මිලදී ගැනීමේ බිල්පත්, තොග වාර්තා සහ සැපයුම් ලේඛන තබාගන්න.
- පාරිභෝගිකයාට නිසි බිල්පතක් හෝ විකිණීමේ සාක්ෂියක් ලබාදෙන්න.
- භාණ්ඩයේ සැබෑ වෙළෙඳ නාමය, මාදිලිය, මිල සහ SLS ලාංඡනය පිළිබඳ තොරතුරු නිවැරදිව සඳහන් කරන්න.
- සැකසහිත හෝ පහසුවෙන් ඉවත් කළ හැකි SLS ස්ටිකර් සහිත භාණ්ඩ අලෙවි නොකරන්න.
පහත දැක්වෙන කරුණු නිදහසට කරුණු නොවන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.
- “මම stock තබාගන්නේ නැහැ.”
- “Supplier කෙනා direct delivery කරනවා.”
- “මේක imported original.”
- “DOT / ECE / ISI තියෙනවා.”
- “මම page එකේ post කළා විතරයි.”
- “Cash on Delivery නිසා වගකීම courier එකේ.”
Online දැන්වීමක් මඟින් භාණ්ඩයක් විකිණීමට ඉදිරිපත් කිරීමම නීතිමය වගකීම ඇති කරන ක්‍රියාවක් විය හැක.
- වැදගත්
හෙල්මට් එකක් ප්‍රසිද්ධ වෙළෙඳ නාමයකට අයත් වුවත්, විදේශීය ප්‍රමිතියක් තිබුණත්, ශ්‍රී ලංකාවේ අලෙවිය සඳහා SLS ප්‍රමිති සහතික ලාංඡනය අනිවාර්ය වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් Online වෙළෙඳ දැන්වීම්, Cash on Delivery අලෙවිය සහ සමාජ මාධ්‍ය හරහා සිදුකරන වෙළෙඳ කටයුතුද නිරීක්ෂණය කරනු ලැබේ.
ඔබේ Page එකත් ව්‍යාපාරයක් වන අතර Online Sale එකත් Sale එකකි. එනිසා නීතියට අනුකූල හෙල්මට් පමණක් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යළි අවධාරණය කරයි.
මහජන දැනුවත් කිරීමේ උදෙසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවෙන් කළ ඍජු උපුටා ගැනීමකි – සංස්කාරක
ඉහත ඡායාරූපය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයකි – සංස්කාරක













