
නීතිඥයන් දහස් ගණනින් රැස්වු නීතිඥ සංගමයේ සාමාන්‍ය සාමාජික රැස්වීම මඟින් සමාජයට මුදාහරින ඒකායන අධිෂ්ඨානශීලී පණිවුඩය මාලිමා රජයට නොතේරෙණ බව පෙනේ. එයින් කියවෙන්නේ තමන් සතුව බරපතළ කුමන්ත්‍රනකාරී අදහසක් පවතින නොවේද?
නීතිඥ ප්‍රජාව කියන්නේ අධිකරණයේ ගොඩගැසී ඇති නඩු අවසාන කිරීම සදහා ඉහළ අධිකරණවල විනිසුරන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම සඳහා කිසිදු සම්බන්ධතාවයක් නැති බවයි.
අධිකරණයන්හි කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට ද ඉහළ අධිකරණවල විනිසුරන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම හා කිසිදු සම්බන්ධයක් නැති බව අතිබහුතරයක් වන නීතිඥ ප්‍රජාවේ මතයයි.
එසේ තිබියදී අනුර ජනාධිපතිවරයා තවදුරටත් තම මතයේ එල්බ ගෙන සිටින්නේ නම් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන වංචාවක් මගින් තමන්ගේ අදහස රටේ නීතියේ කොටසක් බවට පත් කරන්නේ නම් අනුර ජනාධිපතිවරයා අතීතයේ සිටි ජනාධිපතිවරුන්ගෙන් වෙනස් නොවන අතර අතීතයේදී එවැනි දේශපාලනයන්ට අත්වු ඉරණම වර්තමාන දේශපානයට අත්වනු ඇති බව නීතීඥ ප්‍රජාවේ මතය වී තිබේ.
නීතිඥ ශිරාල් ලක්තිලක සිය facebook පිටුවේ තැබූ සටහනක ඍජු උපුටා ගැනීමකි.








