‌ඩෙංගු ආසාදිතයින්ගෙන් 0.07%ක් මරුට – ඊයේත් මරණ තුනක්

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රෝගීන් මිය යාමේ අනුපාතය 0.07%ක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 77,000 ඉක්මවා ගොස් ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 16,164ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,314ක් වාර්තා වී තිබේ.

පළාත් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය මුළු රෝගීන්ගෙන් 52.67%කි. දකුණු පළාතෙන් රෝගීන් 11,867ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,492ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website