චීනයේ පැවති ආසියානු වයස අවුරුදු 23 න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා ත්‍රිත්ව පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි හේරත් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
නෙත්මිකාගේ ලෝකඩ පදක්කම සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන තිබේ.
මේ අතර මෙම තරඟාවලියට සහභාගී වූ අයෝමාල් අකලංක ශ්‍රී ලංකා ජාතික ජවන හා පිටිය වාර්තාවක් බිඳ දමමින් ඉතිහාසයට එක් විය.
ඔහු වයස අවුරුදු 23 න් පහළ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වෙන් තත්පර 49.03 ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.
ඔහුගේ මෙම වාර්තාව 2000 අගෝස්තු 31 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හරිජන් රත්නායක විසින් පිහිටුවන ලද තත්පර 49.44 ක ජාතික වාර්තාව බිඳ දමා ඇත.
















