බස්නාහිර පළාතේ රෝහල් රැසකට ඩෙංගු රෝගීන් තවත් බාර ගන්න බෑ

ආසාදන සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගියහොත්, ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද සමානුපාතිකව වැඩි වීමට ඉඩ ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ඩෙංගු රෝගීන්ගේ වේගවත් වැඩිවීම රෝහල්වලට දැඩි පීඩනයක් එල්ල කර ඇති අතර එමඟින් රෝගීන්ට ප්‍රමාණවත් ප්‍රතිකාර ලබා දීම වඩ වඩාත් දුෂ්කර වී ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය කන්නන්ගර ප්‍රකාශ කළේ රටේ වාර්තා වූ ඩෙංගු රෝගීන් 59,638 න්

මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.4ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව හෙළි කළ කන්නන්ගර මහතා ඊයේ (06) වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 59,638ක් වාර්තා වී ඇති බව ද පැවසුවේය.

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 22ක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇති අත මෙම අධි අවදානම් ප්‍රදේශවල සතියක් පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website