Dengue Alert: ඩෙංගු මරණ 39 දක්වා ඉහළට – පසුගිය පැය 24ට නව රෝගීන් 2604ක්: අවදානම අඛණ්ඩව ඉහළට

පසුගිය පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශ 14ක් අධි අවදානම් සහිත ඩෙංගු කලාප ලෙස හඳුනාගෙන ඇත.

පසුගිය මාස හත තුළ මාසිකව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් (21,547) ජුනි මාසයේදී වාර්තා වී ඇති අතර ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක්, පෙබරවාරි මාසයේදී 5,721ක්, මාර්තු මාසයේදී 6,013ක්, අප්‍රේල් මාසයේදී 5,651ක් සහ මැයි මාසයේදී 8,590ක් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ (12,017) සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් (11,740) වාර්තා වී ඇති අතර, මාතරින් රෝගීන් 4,262ක්, කළුතරින් 3,95ක්, මහනුවරින් 3,575 ක්, රත්නපුරයෙන් 3,530ක් සහ ගාල්ලෙන් 3,364 ක් වාර්තා වී ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයෙන් අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්, එනම් රෝගීන්  35ක් වාර්තා වී ඇත.

පළාත් මට්ටමින්, මුළු ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.50ක් හෙවත් රෝගීන් 30,876ක්  වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් රෝගීන් 9,316ක්, සබරගමුව පළාතෙන් 5,129ක් සහ මධ්‍යම පළාතෙන් 4,542ක් වාර්තා වී ඇත.

දිවයින පුරා දිස්ත්‍රික්ක ගණාවක පවතින මෙම අවදානම් තත්ත්වය හමුවේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website