අද දින (01) බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පවසයි. මේ සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් පසු අදාළ පියවර ගන්නා බවත් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පැවසුවේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා බස් වෘත්තීය සමිති නියෝජිතයින් අද දින ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවට සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව ද කොමිෂමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම ප්‍රකාශය පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් ද තහවුරු කළ අතර ඔහු පැවසුවේ ජාතික ප්‍රවාහන කොමිෂම සමඟ අද දින පවත්වන සාකච්ඡාවේ දී බස් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් ප්‍රතිශතයන් පිළිබඳව ඔවුන්ට දැනුම් දෙන බවයි.












