Mr. Kottu අවන්හල් ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මහරගම පොලිසිය පැවසීය.
විරාජ් වික්‍රමනායක මහතා පසුගිය මැයි 05 වන දින ඔහුගේ අවන්හලක් තුළ දී සේවකයෙකුට වාචිකව අපයෝජනය කර ශාරීරිකව පහර දෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන විමර්ශනය කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසුවේය.









