ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ජාතික නිල දරිද්‍රතා රේඛාව 2026 අප්‍රේල් මාසයේ දී පුද්ගලයෙකුට මසකට රුපියල් 17,117දක්වා රුපියල් 427කින් ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මාර්තු මාසයේදී රුපියල් 16,690ක් ලෙස සටහන් විය.
ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් වැනි මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය අවම මාසික වියදම දරිද්‍රතා රේඛාව නියෝජනය කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව මාර්තු මාසයේදී රුපියල් 18,000 සිට අප්‍රේල් මාසයේදී රුපියල් 18,461 දක්වා ඉහළ ගොස් ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රුපියල් 17,908 සිට රුපියල් 18,367 දක්වාත් කළුතර දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රුපියල් 17,520 සිට රුපියල් 17,968 දක්වා ඉහළ ගොස් ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව පසුගිය මාර්තු මාසයේ දී රුපියල් 15,958 සිට අප්‍රේල් මාසයේදී රුපියල් 16,367 දක්වාත්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රුපියල් 16,124 සිට රුපියල් 16,537 දක්වාත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රුපියල් 16,216 සිට රුපියල් 16,631 දක්වාත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව මාර්තු මාසයේදී රුපියල් 17,551 සිට අප්‍රේල් මාසයේදී රුපියල් 18,001 දක්වා ඉහළ ගොස් ඇත.















