යාල්දේවි අද සිට යළි ගමන් අරඹයි – කාලසටහන මෙන්න

කොළඹ සහ කන්කසන්තුරේ අතර ධාවනය වන යාල්දේවි දුම්රිය අද (11) සිට නැවත සේවා ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල ධාවනය වන අතර කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා යාල්දේවි දුම්රිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් ධාවනය වේ.

දුම්රිය වායුසමනය කරන ලද පළමු පන්තියේ මැදිරි හතරකින් සමන්විත වන අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා හෝ ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් සහිත දුම්රිය ස්ථානයකට පිවිසීමෙන් මගීන්ට ටිකට්පත් වෙන්කරවා ගත හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දුම්රිය ධාවනය වන කාලසටහන පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website