කපිල චන්ද්‍රසේනගේ මෘතදේහයේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) පෙරවරුවේ දී කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී සිදු කෙරුණි.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (08) ලබාදුන් නියෝගයට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කර තිබුණේය. මේ සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද එක්ව සිටියේය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෘත දේහයේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව කොල්ලුපිටිය පොලිසිය පැවසුවේය.

කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව සොයා ගැනීම සඳහා ඔහුගේ මෘතදේහයේ කොටස් මේ ආකාරයෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිසිය සඳහන් කළ අතර එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළ දී ලබාදීමට නියමිත බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website