එක්සත් ජනපද – ඉරාන සාම ගිවිසුම පිළිබඳ බලාපොරොත්තු මැද බොරතෙල් මිල පහළට

ඉරානය සම එක්සත් ජනපදය අවබෝධතා ගිවිසුමක් අත්සන් තබනු ඇතැයි යන බලාපොරොත්තුව මැද අද (06) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100කට වඩා පහත වැටුණේය.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සියයට 9.3කින් පහත වැටී ඩොලර් 99.64ක් වූ අතර, එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි, සියයට 10.7කින් පහත වැටී ඩොලර් 91.33ක් විය.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමට ආසන්න බව වොෂින්ටනය විශ්වාස කරන බව එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනයක් වන ඇක්සියෝස් වාර්තා කරයි.

මූලාශ්‍රය: AFP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website