
දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97න් 92ක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
දිට්වා ව්‍යසනයෙන් පසු උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර ඒම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මරදාන සිට පේරාදෙණිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ නායයෑම්, පස සෝදායෑම්, ගල් පෙරලීම්, පාලම් හා බෝක්කු හානි වීම ඇතුළු සිදුවීම් 97ක් වාර්තා වී තිබූ අතර, රඹුක්කන – කඩුගන්නාව අතර තවත් ස්ථාන 5ක ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.
National Building Research Institute (NBRI/NBRO) ආයතනය විසින් විශේෂ ඉංජිනේරු සැලසුම් සහ පරීක්ෂණ සිදු කරමින් යථාවත් කිරීමේ කටයුතු වේගවත් කර ඇති අතර, ස්ථාන කිහිපයක සංකීර්ණ භූවිද්‍යාත්මක තත්ත්වයන් හේතුවෙන් දිගුකාලීන ආරක්ෂිත විසඳුම් ක්‍රියාත්මක කරමින් පවතී.
ප්‍රවේශය දුම්රිය මාර්ගයෙන් පමණක් සිදුවන බැවින් එක් ස්ථානයක වැඩ අවසන් කිරීමෙන් පසුව අනෙක් ස්ථානය වෙත ගමන් කිරීමට සිදුව ඇති අතර, අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ අපහසුතා හේතුවෙන් ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ග කොටස් ඉවත් කර වාහන මඟින් ද්‍රව්‍ය රැගෙන යාම වැනි විශේෂ ක්‍රියාමාර්ග ද අනුගමනය කරයි.
මේ අතර, රඹුක්කන සිට කඩිගමුව දක්වා පසුගිය මැයි 03 දා සිට සේවා දුම්රියක් ධාවනය කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සිය facebook page හි තැබූ විශේෂ සටහනක් පහත දැක්වේ.
දිට්වා ව්‍යසනයෙන් පසු උඩරට දුම්රිය මාර්ගය යථාවත් කිරීමේ ප්‍රගතිය
දිට්වා ව්‍යසනය හේතුවෙන් මරදාන සිට පේරාදෙණිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ නායයෑම්, පස සෝදායෑම්, ගල් පෙරලීම්, පාලම් හා බෝක්කු හානි වීම වැනි සිදුවීම් 97ක් වාර්තා වී ඇත…!
ඒවායෙන් 92ක් මේ වනවිටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කැපවීමෙන් යථාවත් කර ඇති අතර, රඹුක්කන – කඩුගන්නාව අතර තවත් ස්ථාන පහක් යථාවත් කරලීම වෙනුවෙන් කටයුතු කරමින් පවතී….!
එම ක්‍රියාවලියේ සංකීර්ණතා නිසා, NBRI ආයතනය විසින් විශේෂ ඉංජිනේරු පරීක්ෂණ සහ සැලසුම් සකස් කරමින් යථාවත් කිරීම සිදු කරමින් පවතී….!
අභියෝග අතර,
- ප්‍රවේශය තියෙන්නේ දුම්රිය මාර්ගයෙන්ම පමණයි
- එක් ස්ථානයක වැඩ අවසන් කර පසුව අනෙකට යා යුතුයි
- අමුද්‍රව්‍ය ප්‍රවාහනය අපහසුයි, ඒ හේතුවෙන් සමහර ස්ථානවල දුමිරිය මාර්ගය ගලවා ඉවත් කර වාහන මගින් ද්‍රව්‍ය ගෙනයෑම වැනි විශේෂ ක්‍රියාමාර්ගත් ගනිමින් පවතී …!
රඹුක්කන සිට කඩිගමුව දක්වා මැයි 03 දින සිට සේවා දුම්රියක් ධාවනය කරමින්, යථාවත් කිරීමේ කටයුතු සඳහා අමුද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භ කර ඇත….!
දිට්වා හේතුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ යථාතත්වයට පත්කරමින් ඇති ස්ථාන නිරීක්ෂණයට සහ දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් වෙහෙසෙන දුම්රිය සේවකයින්ගේ අවශ්‍යතා පිළිබදව සොයා බැලීමට පසුගිය 29 වෙනි දින එම ස්ථානයන් හි ක්ෂේත්‍ර චාරිකාවක නිරතවුණි …!














