ඩෙංගු රෝගීන්ගේ අධි අවදානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 43ක අද (06) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ උපදේශක වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය
දිස්ත්‍රික්ක හයක ඩෙංගු රෝගීන් වැඩි වී ඇති බව හෙළි කළ ඇය මේ වසරේ ඩෙංගු ආශ්‍රිත මරණ 13ක් සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,071ක් වාර්තා වී ඇති බව වැඩි දුරටත් පැවසුවාය.
ඩෙංගු මදුරුවන් පැතිරීම වැළැක්වීම සඳහා තම වටපිටාව පිරිසිදුව තබා ගන්නා ලෙස ද වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.
















