‘හරි දේට හරි කියන්නත් – වැරදි දේට වැරදියි කියන්නත් පුරවැසියන් පුරුදු විය යුතුයි’ – මහින්ද දේශප්‍රිය

හරි දේට හරි කියන, වැරදි දේට වැරදියි කීමට පුරවැසියන් පුරුදු විය යුතු බව මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

අද (05) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “නුසුදුසු අය තේරී පත්වීම සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ තිබෙනවා. නමුත් එවැනි නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම මැතිවරණ නාම යෝජනා භාර ගන්න අයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් රජය විසින් නීති සම්පාදනය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් රජය කඩිනම් පියවර ගත යුතුයි. අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කළ යුතුයි. ඒ වගකීම තිබෙන්නේ රටේ පුරවැසියන්ට. මේවා රටේ නීති සම්පාදන ක්‍රියාවලිය තුළ සාකච්ඡා කළ යුතු දේවල්. ආණ්ඩුව කරන කොට සියල්ල හරි යැයි කීම හෝ විපක්ෂයේ සිට සියල්ල වැරදියි කීම නොව හරි දේට හරි කියලා, වැරදි දේට වැරදියි කියන්න පුරවැසියෝ පුරුදු විය යුතුයි.  පුරවැසි බලය තමයි ප්‍රමුඛ වෙන්නේ”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website