දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් කරන රියැදුරන්ට දැනුම් දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අද (01) දින සිදු කරන අළුත්වැඩියා කටයුතු කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලීසිය පවසයි.

මෙම හේතුවෙන් එම ස්ථාන ආසන්නයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් හා අනතුරු සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගැලනිගම දොඩංගොඩ අතර කිලෝමීටර් 17 හා 19, 28 හා 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මාර්ගයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු 02 දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථවාහන ධාවනයට කටයුතු සලසා ඇති බව ද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website