ඉරානයට එරෙහි නව ප්‍රහාර සැලසුම් හෙළි වීමත් සමඟ බොරතෙල් මිල 2022 පසු ඉහළම අගය වාර්තා කරයි

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත හැකි ක්‍රියාමාර්ග සඳහා වන නව සැලසුම් පිළිබඳව එක්සත් ජනපද හමුදාව විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දීමට සූදානම් වන බවට පළ වූ වාර්තාවකින් අනතුරුව, 2022 වසරෙන් පසු බොරතෙල් මිල එහි ඉහළම අගයට ළඟා වූ බව බීබීසී වාර්තා කළේය.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 126 ට වඩා 7%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය 2022 දී රුසියාව යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමයි.

එක්සත් ජනපද වෙළඳපොළේ වෙළඳාම් වන බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් මිල ද 2.3% කින් ඉහළ ගොස් ඇති අතර තෙල් බැරලය ඩොලර් 109ක් පමණ වේ.

ජූනි මාසයට අදාළ බ්‍රෙන්ට් අනාගත ගිවිසුම (තෙල් කොන්ත්‍රාත්තුව) බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත බැවින්, වෙළඳුන් දැන් ඒ වෙනුවට ජූලි කොන්ත්‍රාත්තුව කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, එය ආසියානු වෙළඳාමේ දී ඩොලර් 113ක් පමණ දක්වා එනම් 2%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ටෙහෙරානය සමඟ කෙරෙන සාකච්ඡාවල පවතින අවහිරතා අවසන් කිරීම සඳහා එක්සත් ජනපද මධ්‍යම අණදෙන සේනා විධානය විසින් ඉරානයට එරෙහි “කෙටි හා ශක්තිමත්” ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් සකස් කර ඇති බව ඇක්සියෝස් වාර්තාවක දැක්වේ. ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා බීබීසී පුවත් සේවය එක්සත් ජනපද මධ්‍යම අණදෙන සේනා විධානය සහ ධවල මන්දිරය සම්බන්ධ කර ගෙන ඇත. නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් ඇක්සියෝස් වාර්තා කළේ සැලසුම් කර ඇති ප්‍රහාර මාලාව ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website