‘Sri Lanka Event Calendar’ ජනගත කෙරේ

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ “Event Hub” එකක් බවට පත් කිරීමටත්, තාක්ෂණය හා දේශීය දක්ෂතා එක් කරමින් විදේශ විනිමය ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“Sri Lanka Event Calendar” නිල වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ(23) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ උත්සව සහ ප්‍රදර්ශන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට උසස් කරමින් එය ඩිජිටල්කරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස “Sri Lanka Event Calendar” නිල වෙබ් අඩවිය ඊයේ දියත් කරන ලදී. ලංකාව පුරා පැවැත්වෙන සංස්කෘතික, ක්‍රීඩා සහ ව්‍යාපාරික ඉසව් පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන තොරතුරු එක් ස්ථානයකින් ලබාදෙන ජාතික ඩිජිටල් දිනදර්ශනයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
විදේශ සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ විශේෂ උත්සව පිළිබඳ පහසු ප්‍රවේශයක් ලබාදීම මඟින් සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමත්, දේශීය ඉසව් සංවිධායකයින්, ව්‍යාපාරිකයින් සහ කලාකරුවන් සඳහා නව වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීමත් මෙහි අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website